සත්ත්ව පටක






අපිච්චද පටක

*පෘෂ්ඨවංශීන් දේහයේ සියලුම පෘෂ්ඨ අපිච්ඡද පටක මගින් ආස්තරණය කෙරේ . අපිච්ඡද පටකය ට අයත් සෛල  අතර් එකට තදින් ඇසිරී ඇති අතර පාදස්ථ පටලයක් මත පිහිටයි .මෙම පටලය ට රුධිර සැපයුමක් නැත .

*අපිච්ඡද පටක පිහිටන ස්ථාන 
  • රුධිර කේශ නාලිකා බිත්තිය 
  • තයිරොයිඩ් ග්‍රන්ථි බිත්තිය 
  • ආහාර මාර්ග බිත්තිය
  • සමේ අපිචර්මය
*කෘත්‍ය-
  • පෘෂ්ඨ ආස්තරණය කිරීම සහ ආරක්ෂාව සැපයීම 
  • අවශෝෂක කෘත්‍ය 
  • ස්‍රාවී කෘත්‍යය 
  • පෙරීමේ කෘත්‍ය 








සම්බන්ධක පටක 

*සෛල වර්ග කිහිපයකින් සහ තන්තු වලින් සමන්විත ය  . ස්නායු සැපයුමක් සහ රුධිර සැපයුමක් ඇත .සෛල සහ තන්තු විශාල පූරකයක් තුළ ගිලී පවතී 

*කෘත්‍ය -
  • දේහයේ විවිධ පටක සහ සහ අවයව අතර සම්බන්ධතාව පවත්වා ගැනීම 
  • සන්ධාරණය 
*උදාහරණ -
  • අස්ථි පටකය 
  • රුධිර පටකය ( විශේෂිත සම්බන්ධක පටකය කි . මෙය රුධිර ප්ලාස්මය ලෙස හඳුන්වන තරලමය පූරකයකින් සමන් විත වේ. රතු රුධිරාණු , සුදු රුධිරානු,  රුධිර පට්ටිකා ලෙස වර්ග 3 කි. ද්‍රව්‍ය ප්‍රවාහනය , ආරක්ෂාව , සමස්ථිතිය පවත්වා ගැනීම ආදී කෘත්‍ය ඉටු කරයි .  )









පේශි පටක 

* පේශී සෛල හෙවත් පේශි තන්තු වලින් සමන්විත වේ . මෙම පේශි තන්තු සංකෝචනය සහ ඉහිල් වීමේ හැකියාවෙන් යුක්ත ය . මනා රුධිර සැපයුමක් පවතී. 

*වර්ග තුනකි 
  • සිනිඳු පේශි පටකය (සිනිඳු පේශි සෛල වලින් සෑදී ඇත . ආහාර මාාර්ගය  ,  හා ගර්භාෂ බිත්තිය වැනි ස්ථානවල පිහිටා ඇත. . ශාකනය වී නොමැති ඒක සෛලික  තර්කු රූපි හැඩති සෛල වලින් සෑදී ඇති මෙම පේශි  අනිච්ඡානුග ව ක්‍රියා කරයි )
  • කංකාල පේශී පටකය (පෘෂ්ඨවංශීන්ගේ සංසරණය සහ චලන වලට දායක වේ .මෙම පේශී සෛල ඉච්ඡානුග ව ක්‍රියා කරයි . ද්වී ශීර්ෂ පේශිය , ත්‍රී ශීර්ෂ පේශිය , කකුලේ සහ මුහුණේ පේශි උදාහරණ වේ .)
  • හෘත් පේශි පටකය (හෘදයේ පමණක් දක්නට ලැබේ . මෙම පේශි පටක ඒකන්‍යෂ්ටික හරස් විලේඛ සහිත වන අතර අනිච්චානුගව ක්‍රියා කරයි)












ස්නායු පටකය 

*ස්නායු පටකය තැනුම් ඒකකය නිව්රෝන වේ. මේවා  ආවේග සම්ප්‍රේෂණය සඳහා විශේෂණය වී ඇත.

*නියුරෝන වල ලක්ෂණ 
  • සෛල දේහය හා සෛල ප්‍රසර ලෙස කොටස් දෙකකි 
  • න්‍යෂ්ටිය, ගොල්ගිසංකීර්ණය, රයිබසෝම ආදී ඉන්ද්‍රියිකා පිහිටයි
  • සෛල දේහයෙන් විහිදෙන එක් ප්‍රසරයක් වන අක්සනය දේහයෙන්  ඉවතට ආවේග රැගෙන යයි  
  • පෘෂ්ඨවංශීන්ගේ අක්සන වටා  ආවේග සන්නයන වේගය වැඩි කරන  මයලීන් කොපු පිහිටයි.
*නියුරෝන වල කෘත්‍
  • ප්‍රතිග්‍රාහක (ඇස ,කන ,නාසය ,දිව ,සම ) මගින් හෝ වෙනත් නියුරෝන මගින් ලබා ගන්නා තොරතුරු මධ්‍ය ස්නායු පද්ධතියට හෝ තවත් නියුරෝනයක ට සම්ප්‍රේෂණය කිරීම 
  • මධ්‍ය ස්නායු පද්ධතියේ සිට කාරක වෙතට ආවේග සම්ප්‍රේෂණය 
  • ඉටු කරන කෘත්‍ය අනුව නියුරෝන වර්ග තුනකි ( සංවේදක නියුරෝන , අන්තර් හාර නියුරෝන , චාලක නියුරෝන )



සත්ත්ව පටක  වීඩියෝව බලන්න 👇


-Chamath  Theekshana -

*TAkE A MOMENT & JUST LEAVE A COMMENT *


Comments

Post a Comment

Popular posts from this blog

ශාක පටක

පෙල පොත