ශාක පටක
විභාජක පටක
*සක්‍රීය ලෙස අනූනන විභාජනය ට ලක්වන වන නව සෛල ඇති කිරීමේ හැකියාව ඇති සෛල වලින් සෑදෙන ශාක පටක විභාජක පටක නම් වේ .
*ශාක වර්ධනයට වැදගත් වේ .
*වර්ග තුනකි ,
- අග්‍රස්ත විභාජක - ශාක කඳේ සහ මුලේ අග්‍රස්ථයේ ත් කක්ෂීය අංකුර වලත් පවතින අතර ශාක උසින් වැඩි වීමට හේතු වේ .
- අන්තරස්ථ විභාජක - කදේ පර්ව පාද වල පිහිටන අතර පර්ව වල දිග වැඩි වීමට හේතු වේ (තෘණ කුලයේ ශාක )
- පාර්ශ්වික විභාජක - ශාක කඳේ සහ මුලේ පර්ශ්විකව පිහිටා ඇති අතර කදේ මහත වැඩි වීමට වැඩි වීමට හේතු වේ (උදා- කැම්බියම පටක)
ස්ථිර පටක
*එකම වර්ගයේ සෛල සමූහනය වී සෑදී ඇති සරල ස්ථිර පටක සහ සෛල වර්ග කිහිපයක් සමූහනයෙන් සෑදී ඇති සංකීර්ණ ස්ථීර පටක ලෙස වර්ග දෙකකි.
සරල ස්ථීර පටක
*සරල ස්ථීර පටක වර්ග තුනකි
- මෘදුස්ථර පටක (ශාකයේ මෘදු කොටස් නිර්මාණය කරයි )
- ස්ථූලකෝණාස්ථර පටක ( ශාක දේශයට දේහය ට දැඩි බව සහ යාන්ත්‍රික ශක්තිය ලබා දෙයි )
- දෘඩස්ථර පටක (ශාක දේහය ට දැඩි බව සහ යාන්ත්‍රික ශක්තිය ලබා දෙයි . මේවා තන්තු සෛල සහ උපල සෛල ලෙස වර්ග දෙකකි )
සංකීර්ණ ස්ථිර පටක
*වර්ග දෙකකි
- ශෛලම පටකය ( ශෛලම වාහිනී සෛල , වාහකාභ සෛල, ශෛලමිය තන්තු, ශෛලමය මෘදුස්තර යන සෛල වර්ග 4 න් සමන්විත වේ )
- ප්ලෝයම පටකය ( පෙනේර නල සෛල, සහචර සෛල, ප්ලෝයමීය මෘදුස්තර , ප්ලෝයමීය තන්තු යන සෛල වර්ග හතරකින් සමන්විත වේ )
ශාක පටක වීඩියෝව බලන්න👇
-Chamath Theekshana -
*TAkE A MOMENT & JUST LEAVE A COMMENT *
Super
ReplyDeleteApi mewain godak danuma ganna puluwan.
ReplyDeleteThankx
ReplyDelete