අපිච්චද පටක *පෘෂ්ඨවංශීන් දේහයේ සියලුම පෘෂ්ඨ අපිච්ඡද පටක මගින් ආස්තරණය කෙරේ . අපිච්ඡද පටකය ට අයත් සෛල අතර් එකට තදින් ඇසිරී ඇති අතර පාදස්ථ පටලයක් මත පිහිටයි .මෙම පටලය ට රුධිර සැපයුමක් නැත . *අපිච්ඡද පටක පිහිටන ස්ථාන රුධිර කේශ නාලිකා බිත්තිය තයිරොයිඩ් ග්‍රන්ථි බිත්තිය ආහාර මාර්ග බිත්තිය සමේ අපිචර්මය * කෘත්‍ය- පෘෂ්ඨ ආස්තරණය කිරීම සහ ආරක්ෂාව සැපයීම අවශෝෂක කෘත්‍ය ස්‍රාවී කෘත්‍යය පෙරීමේ කෘත්‍ය සම්බන්ධක පටක *සෛල වර්ග කිහිපයකින් සහ තන්තු වලින් සමන්විත ය . ස්නායු සැපයුමක් සහ රුධිර සැපයුමක් ඇත .සෛල සහ තන්තු විශාල පූරකයක් තුළ ගිලී පවතී * කෘත්‍ය - දේහයේ විවිධ පටක සහ සහ අවයව අතර සම්බන්ධතාව පවත්වා ගැනීම සන්ධාරණය * උදාහරණ - අස්ථි පටකය රුධිර පටකය ( විශේෂිත සම්බන්ධක පටකය කි . මෙය රුධිර ප්ලාස්මය ලෙස හඳුන්වන තරලමය පූරකයකින් සමන් විත වේ. රතු රුධිරාණු , සුදු රුධිරානු, රුධිර පට්ටිකා ලෙස වර්ග 3 කි. ද්‍රව්‍ය ප්‍රවාහනය , ආරක්ෂාව , සමස්ථිතිය පවත්වා ගැනීම ආදී කෘත්‍ය ඉටු කරයි . ) පේශි පටක * පේශී සෛල හෙවත් පේශි තන...