Posts

පෙල පොත

Image
11 ශ්‍රේණිය විද්‍යාව 1 පාඩම ජීවී පටක පෙලපොත ලබා ගැනීමට👇 http://www.e-thaksalawa.moe.gov.lk/moodle/pluginfile.php/25729/mod_resource/content/1/chap%201.pdf -Chamath Theekshana - *TAkE A MOMENT & JUST LEAVE A COMMENT *

සත්ත්ව පටක

Image
අපිච්චද පටක *පෘෂ්ඨවංශීන් දේහයේ සියලුම පෘෂ්ඨ අපිච්ඡද පටක මගින් ආස්තරණය කෙරේ . අපිච්ඡද පටකය ට අයත් සෛල  අතර් එකට තදින් ඇසිරී ඇති අතර පාදස්ථ පටලයක් මත පිහිටයි .මෙම පටලය ට රුධිර සැපයුමක් නැත . *අපිච්ඡද පටක පිහිටන ස්ථාන   රුධිර කේශ නාලිකා බිත්තිය  තයිරොයිඩ් ග්‍රන්ථි බිත්තිය  ආහාර මාර්ග බිත්තිය සමේ අපිචර්මය * කෘත්‍ය- පෘෂ්ඨ ආස්තරණය කිරීම සහ ආරක්ෂාව සැපයීම  අවශෝෂක කෘත්‍ය  ස්‍රාවී කෘත්‍යය  පෙරීමේ කෘත්‍ය  සම්බන්ධක පටක   *සෛල වර්ග කිහිපයකින් සහ තන්තු වලින් සමන්විත ය  . ස්නායු සැපයුමක් සහ රුධිර සැපයුමක් ඇත .සෛල සහ තන්තු විශාල පූරකයක් තුළ ගිලී පවතී  * කෘත්‍ය - දේහයේ විවිධ පටක සහ සහ අවයව අතර සම්බන්ධතාව පවත්වා ගැනීම  සන්ධාරණය  * උදාහරණ - අස්ථි පටකය  රුධිර පටකය ( විශේෂිත සම්බන්ධක පටකය කි . මෙය රුධිර ප්ලාස්මය ලෙස හඳුන්වන තරලමය පූරකයකින් සමන් විත වේ. රතු රුධිරාණු , සුදු රුධිරානු,  රුධිර පට්ටිකා ලෙස වර්ග 3 කි. ද්‍රව්‍ය ප්‍රවාහනය , ආරක්ෂාව , සමස්ථිතිය පවත්වා ගැනීම ආදී කෘත්‍ය ඉටු කරයි .  ) පේශි පටක  * පේශී සෛල හෙවත් පේශි තන...

ශාක පටක

Image
විභාජක පටක *සක්‍රීය ලෙස අනූනන විභාජනය ට ලක්වන වන නව සෛල ඇති කිරීමේ හැකියාව ඇති සෛල වලින් සෑදෙන  ශාක පටක විභාජක පටක නම් වේ . *ශාක වර්ධනයට වැදගත් වේ . *වර්ග තුනකි , අග්‍රස්ත විභාජක  - ශාක කඳේ සහ මුලේ අග්‍රස්ථයේ ත් කක්ෂීය අංකුර වලත් පවතින අතර  ශාක උසින් වැඩි වීමට හේතු වේ . අන්තරස්ථ විභාජක  - කදේ පර්ව පාද වල පිහිටන අතර පර්ව වල දිග වැඩි වීමට හේතු වේ (තෘණ කුලයේ ශාක ) පාර්ශ්වික විභාජක  - ශාක කඳේ සහ මුලේ පර්ශ්විකව පිහිටා ඇති අතර කදේ මහත වැඩි වීමට වැඩි වීමට හේතු වේ (උදා- කැම්බියම පටක) ස්ථිර පටක   *එකම වර්ගයේ සෛල සමූහනය වී සෑදී ඇති  සරල ස්ථිර පටක සහ සෛල වර්ග කිහිපයක් සමූහනයෙන් සෑදී  ඇති සංකීර්ණ ස්ථීර පටක ලෙස වර්ග දෙකකි. සරල ස්ථීර පටක *සරල ස්ථීර පටක වර්ග තුනකි මෘදුස්ථර පටක (ශාකයේ මෘදු කොටස් නිර්මාණය කරයි ) ස්ථූලකෝණාස්ථර පටක ( ශාක දේශයට දේහය ට දැඩි බව සහ යාන්ත්‍රික ශක්තිය ලබා දෙයි ) දෘඩස්ථර පටක   (ශාක දේහය ට දැඩි බව සහ යාන්ත්‍රික ශක්තිය ලබා දෙයි . මේවා තන්තු සෛල සහ උපල සෛල ලෙස වර්ග දෙකකි ) සංකීර්ණ  ස්ථිර පටක   *වර්ග දෙකකි  ශෛලම පටකය ( ශෛ...